All for Joomla All for Webmasters

Our Mission - අපගේ දැක්ම

පුවත්පත් අලෙවි නියෝජිතයන්ගේ අනාගත අභිවෘද්ධිය උදෙසා ගතහැකි ක්‍රියාමාර්ග වෙනුවෙන් එක්සත් ව එක්සිත්ව කටයුතු කිරීම.

ඉතිහාසයෙන් බිඳක්…

සිරිමල් පීරිස් මහතා ප්‍රමුඛ දැනට සිටින අධ්‍යක්ෂක මණ්ඩලයේ මහත්ම/මහත්මීන්ගේ යෝජනා සහ අදහස් මත 2007 දී කොළඹ පුවත්පත් අලෙවි නියෝජිත සංගමය ලෙස ආරම්භ වී පසුව 2013 දී සමස්ථ ලංකා පුවත්පත් අලෙවි නියෝජිතයන්ගේ ගැරන්ටි සමාගම ලෙස (සමාගම් රෙජිස්ට්‍රාර් අංක GL 2122) පරිවර්තනය වූයේ, දිවයින පුරා විසිරී සිටින පුවත්පත් අලෙවි නියෝජිතයන් මේ සඳහා ක්‍රියාකාරීව සම්බන්ධ වීමේ ප්‍රතිඵලයක් වශයෙනි.

post

කර්තෘ මණ්ඩලය විසින් පුවත්පතක් හනිහනික සංස්කරණය කොට මුද්‍රණයට යැවීමෙන් අනතුරුව එම මුද්‍රණය සහ බෙදාහැරීම් කටයුතු පැය කිහිපයක් තුළ නිමාවේ. ඉන්පසු අප දකින්නේ පාර දෙපස පුවත්පත් අලෙවි කරන වෙළඳසල්වල එල්ලා තිබෙන පත්තරයි. පත්තර කන්තෝරුවෙන් වාහනවලට පැටවුණු තැන සිට වෙළඳ සල්වල එල්ලී සිටීම දක්වා කාලය තුළ පුවත්පත විදින දුකත්, පුවත්පත නිසා තවත් පිරිසක් විඳින දුකත් අප බොහෝ දෙනෙක් දන්නේ නැත. මේ පැය කිහිපයක කෙටි කාලය තුළ පුවත්පතේ ආධිපත්‍ය පවතින්නේ පුවත්පත් නියෝජිතයා අතෙහිය. ඔවුහු මේ ක‍්‍රියාවලිය තුළ ඉතා වැදගත් භූමිකාවක් ඉටු කරති. මේ භූමිකාව ඇගයීම වස් 2016 දෙසැම්බර් 06 දින පුවත්පත් අලෙවි නියෝජිත ගැරන්ටි සමාගමේ සම්මාන උළෙලක් කොළඹ 01 ග‍්‍රෑන්ඞ් ඔරියන්ටල් හෝටල් පරිශ‍්‍රයේදී පැවැත්වීය.

කලින් කොළඹ දිස්ත‍්‍රික්කයේ පුවත්පත් නියෝජිතයන්ගේ සංගමය ලෙසින් බිහිවූ මෙම ආයතනය පසුව දීපව්‍යාප්ත කරනු ලදුව දැන් සී/ස සමස්ථ ලංකා පුවත්පත් අලෙවි නියෝජිතවරුන්ගේ ගරන්ටි සමාගම බවට පත්විය. මෙහි ප‍්‍රධාන නියෝජිතවරුන්, උප නියෝජිතවරුන් සහ වීදිවල වෙළඳ මහතුන් යන පිරිස ඇතුළත්ව සාමාජිකයෝ දහසක් පමණ සංඛ්‍යාවක් සිටිති. සාමාන්‍යයෙන් සිදු කෙරෙන සම්මාන උළෙලකදීට වඩා සිදුවන්නේ තෝරාගත් පිරිසක් සම්මාන ලැබීම සිදුවෙයි. එම තෝරාගත් අලෙවි නියෝජිතවරුන්, ජ්‍යෙෂ්ඨ අලෙවි කරුවන් ලෙස සම්මානයට පාත‍්‍ර වීම සිදුවේ. ඔවුන්ගේ සේවය අගය කිරීම සඳහා සිහිවටන පදක්කම බැගින් ප‍්‍රදානය කෙරෙන අතර සංකේත තිළිණයක් සමග තම තමන්ගේ නම සඳහන් වන වර්ණයෙන් මුද්‍රිත සහතික පත‍්‍රයක් ද ඒ සමඟ පිරිනැමේ. කලකට ඉහතදී පුවත්පත් නියෝජිතයන් ඇගයීමට ලක් කළේ එක් එක් පුවත්පත් ආයතනවල වෙන් වෙන් නියෝජිතයන් වශයෙනි. නමුත් දැන් සෑම නියෝජිතයෙක්ම සෑම පුවත්පත් ආයතනවලට සම්බන්ධ නියෝජිතයන් එකට ගරු බුහුමන් ලබති. පුවත්පත් අලෙවිය ලේසි පහසු කටයුත්තක් නොවේ. ගුවන් විදුලිය වැනි දෙයක් නම් අප කළ යුත්තේ එම යන්ත‍්‍රය චැනලයක් සුසර කිරීමට එය ක‍්‍රියාත්මක කරවීම පමණි. එයට වැසි හෝ ගංවතුර සුළි සුළං වැනි ස්වාභාවික විපත්වල බලපෑමක් නැත. එය අපට ඇසෙන්නේ ආයාසයකින් තොරවය. නමුත් පුවත්පත් එසේ නොවේ. එය අප මිලක් දී ගත යුතුය. වෙලාවක් වෙන් කරගෙන කිය විය යුතුය. මේ නිසා පුවත්පත් අලෙවිකරුවාට එය අලෙවිය සම්බන්ධයෙන් විශාල කාර්ය භාරයක් තිබේ. මේ පිළිබඳව පුවත්පත් අලෙවි නියෝජිතයන්ගේ සංගමයේ සභාපති සිරිමල් පීරිස් මහතාගෙන් අපි විමසීමක් කළෙමු.

උදේ හයහමාරට හතට වෙළඳසැලෙන් ඔබ මිලදී ගන්නා පුවත්පත ඒ මෙහොතට ඔබ අතට පත් කිරීම සඳහා පුවත්පත් අලෙවි නියෝජිතවරුන් අවදි වන්නේ පාන්දර දෙකට පමණය. පුවත්පත් සමාගම් වල වාහන සහ කොන්ත‍්‍රාත් පදනමට ලබාගත් වාහන පුවත්පත් නියෝජිතවරුන්ගේ නිවෙස්වලට හෝ කඩපිල් වලට පැමිණ මහ පාන්දරට තට්ටු කර නියමිත පත්තර පාර්සල් ලබාදීම සිදුවේ. ඒ අනුව උදේ පාන්දර කිලෝ ගණන් බර පත්තර පාර්සල් එසවීමෙන් ඔවුන්ගේ රාජකාරි ආරම්භ වනු ඇත. ඊළඟට එම පාර්සල් ලිහා එම පුවත්පත් වල වෙන් වෙන්ව ඇති කොටස් එකට ගොනු කළ යුතුය. විශේෂයෙන් ඉරිදා පුවත්පත් වල මේ කොටස් ප‍්‍රමාණය වැඩිය. ඇතැම් වීදි වෙළෙන්දන් පදික වේදිකාව මත මේ පාර්සල් තබාගෙන එක් එක් කොටස් එකට එකතු කර පුවත්පතේ කොටස් ගණන සම්පූර්ණ කරනු දැකිය හැකිය. මෙසේ සම්පූර්ණ කර ඊළඟට වෙළඳසැල් වලට බෙදා හැරිය යුතුය මේ රාජකාරියේ ඔවුන්ට වැඩ වැඩිම දවස වන්නේ සෙනසුරාදාය. හේතුව එදිනට ඉරිදා සිංහල පුවත්පත් නිකුත් වීමයි. ඇතැම් පත්තර කන්තෝරු වල සෙනසුරාදා පත‍්‍රයට පෙර ඉරිදා පත‍්‍රය පැමිණේ. එවිට ද ඔවුන්ට සෑහෙන අසීරුවකට මුහුණ දීමට සිදුවන බව කියති.

පුවත්පත් බෙදාහැරීම එක් එක් ප‍්‍රදේශවලට එක් එක් ආකාරයෙන් සිදුකළ යුතුය. නිදසුනක් ලෙස මෝදර මට්ටක්කුලිය වැනි ප‍්‍රදේශවල දෙමළ ජනයා වැඩි නිසා දෙමළ පුවත්පත් වැඩියෙන් අලෙවි කරයි. නමුත් දෙමළ පුවත්පත් එකක්වත් අලෙවි නොවන ප‍්‍රදේශද තිබේ. ඒ නිසා මේ දේවල් ගැනද විශේෂ අවධානයක් යොමු කරන්නට අලෙවි නියෝජිතවරයාට සිදු වෙයි.

මේ ආකාරයට පාන්දර දෙකට තුනට පටන්ගන්නා රාජකාරිය අවසන් කරන්නේ හවස හයට පමණය. ඔවුන්ට නින්දට යන්නට සිදුවන්නේ ඉන්පසුවය.

මෙම රාජකාරිය කරගෙන යාමේදීද ඔවුන්ට වෙනත් රාජකාරීවලදී මෙන්ම ගැටළු මතුවෙයි. කොන්ත‍්‍රාත් පදනමට පුවත්පත් බෙදාහරින ඇතැම් වාහන හිමිකරුවන්ගේ නොසැලකිල්ල හෝ අමතක වීම මත නියමිත පමණට පුවත්පත් පාර්සල් නොලැබී යන අවස්ථා යෙදේ. ඒ එක් උදාහරණයක් පමණි. එවිට තමන්ගේ නිත්‍ය ඇනවුම් සපුරාලිය නොහැකිව නියෝජිතවරුන් පත්වන්නේ මහත් අසීරුවතටය. මේවා පාඨකයන් දන්නේ නැත.

ඔවුන්ගේ මේ රාජකාරීන් වෙනුවෙන් ඔවුන්ට පුවත්පත් සමාගම්වලින් ලැබෙන්නේ එක් පත‍්‍රයකට සියයට ගණනක් බැගින් වූ කොමිස් මුදලකි. උප නියෝජිතයන්ට ගෙවිය යුතු ගාස්තු, පත‍්‍ර බෙදාහැරීම සඳහා මෝටර් සයිකල්වලට යන ඉන්ධන, ආදායම් බදු, පළාත් සභා බදු, සේවක පඩිනඩි, කඩ කුලී, පවුලේ යැපීම යන මේ සියළුම දේවල් කරන්නට ඔවුනට තිබෙන එකම ආදායම මේ කොමිස් මුදලය. යම් හෙයකින් කිනම් හෝ හේතුවක් මත පුවත්පත් වැඩිපුර විකුණාගන්නට නොලැබුණොත් සාමාන්‍යයෙන් නොවිකිණීම නිසා ආපසු භාරගන්නා (Return) ප‍්‍රමාණයද ඉක්මවා පුවත්පත් ඉතිරි වුණොත් ඒ පාඩුව දරාගන්නට ඇතැම්විට ඔවුන්ට සිදුවෙයි. මෙහිදී ආපසු භාරගන්නා ප‍්‍රමාණයට වඩා වැඩියෙන් ඉතිරි වන කොටස පුවත්පත් සමාගමේ අනුමැතියකින් තොරව ආපසු යැවිය නොහැකිය. අනුමැතිය ලබාගැනීමට නම් එය විකුණා ගැනීමට නොහැකි වූ හේතු ඉදිරිපත් කළ යුතුවෙයි. එය වැස්ස ගංතුවර වැනි ස්වාභාවික ආපදාවක් විය හැකිය. නැතහොත් පුවත්පතේ ප‍්‍රධාන සිරස්තලය හෝ මුල් පිටුව ආදිය එතරම් ආකර්ෂණීය නොවීම නිසා අලෙවිය අඩුවීම විය හැකිය. කෙසේ වුවද ඉතිරි පත්තර ආපසු යැවීමට අනුමැතිය ලබාගැනීම සඳහා ලිපි, ෆැක්ස් පණිවුඩ ආදිය වරින්වර යොමු කරන්නටද ඔවුන්ට සෑහෙන මුදලක් වැය වෙයි. පුවත්පත් අලෙවි නියෝජිතවරුන් මෙබඳු දෛනික ගැටළුවලට නිරන්තරව මුහුණ දෙනු ලබයි.

පුවත්පත් කොමිසන් සභාවක්, පුවත්පත් ප‍්‍රකාශන සංගමයක්, කර්තෘ සංසදයක් ක‍්‍රියාත්මක වන අප රටේ පුවත්පත් නියෝජිතවරුන්ගේද වෘත්තියේ ගරුත්වය රැුක ගැනීමේ අභිලාෂයෙන් පුවත්පත් නියෝජිතවරුන්ගේ සමාගම බිහි වූයේ එම හිඩැස පුරවන්නටය. ඇතැම් පුවත්පත් සමාගම් මෙම සංගමය සඳහා සාතච්ඡුාවක්වත් ලබාදෙන්නට උදාසීන වෙද්දී ඔවුන්ට ඒ සඳහා මූලික වශයෙන් අතහිත දීමට ඉදිරිපත් වූ ලක්බිම පුවත්පත් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තිලංග සුමතිපාල මැතිතුමා හා වර්තමාන පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ගරු සිහිපත් කරන්නේ ගෞරවයෙනි. සෙසු පුවත්පත් ප‍්‍රකාශන සමාගම්වල දොරගුල් ඇරුණේ ඉන්පසුව බව ඔවුහු පවසති.